Thursday, January 19, 2012

ප්‍රේමයේ නාමයෙන්

ප්‍රේමයේ නාමයෙන්
"හරි" ලෙසින් පහසු මුත්
අවසාන කරන්නට
ගෙවු ඒ සොඳුරුතම
ප්‍රේමයේ මතකයන් 
යලිත් සිහිවෙයි මෙමට
නැවත වැලපෙයි මසිත
කිමද මා කලේ යැයි
අහෝ වරදක් එවන්
ගෙවු ඒ අරුත් සුන්
ජීවිතය මා හදට
නොමනා දෙයක් යැයි
සැමදා සිතෙයි දැන්
සමාවක් අයදිමින් 
ගිය නමුත් නැවත මට
සිහිවේය කල වරද
ඔබේ සිත පාරමින්
නිමක්නැති සයුරක්ව
ඉමක් නැති ගගනක්ව
ආදරය කලා ඔබ
මසිත නෙත පුබුදමින්
පෙරදිනේ නොදැනුන්ත්
පිවිතුරු ඔබේ හද
පුරා මා වෙතම වු
නිමක් නැති සෙනෙහසේ
නාමයෙන් පතමි මං
මතු ආත්මයේදී හෝ
බුදු පුදසුනේ පිදු 
මලක් සේ පරවෙන්න
ඔබට පුජා වෙන්න
සිත සනසවා ගන්න
ප්‍රේමයේ නාමයන්

මං ඉහිලු කඳුළු...

මං ඉහිලු කඳුළු...
මං ඉහිලු කඳුලු කොටහ
අඩුක් කරල තියාගන්න
නුඹ ආවම එනවද ඒ දුකේ
තරම වටහ ගන්න
නුඹ උහුලපු කඳුලු වලට පපුව
පුරා විඳව ගන්න
මං එන්නම් ඕනි තරම් ඔය 
ඇස් දෙක තෙත් කරන්න
ඇඬුවම පපුවට ඒති දුක
නැති වෙනව කියල ඔන්න
කතාවකුත් ඇහුව මං
කොහේ ඉඳන්දෝ කියන්න
ඒ කතාව ඇත්තක් නම් ඔයා ඉතින් තව අඬන්න
නාඬා ඉන්න ආසයි මන් ඒ
දුක් ටික දරන් ඉන්න
පපුවට බර දෙන සුසුමක්
පා කරලා බලන් ඉන්න
මං එනවා ඒ සුසුමේ උණුහුම
දැණුනම බලන්න
සත්තයි මං මේ කියන්නෙ
ආදරයක තරම මෙන්න
දැනුන්නැතත්,තේරෙනවද
මං කියනා දේ අහන්න

ඔබ එනතුරු

ඔබ එනතුරු
වායුසමනය මැද ගෙවනා
ජීවිතයේ
නාද මවනු නැත සිරි සිරි මඳ පවනෙන්
තනිවු සිතට ගැහැණිය
බල නොවන කෙරෙන්
ඔබ එනු දැකුම මිස තව වෙන
කුමට යෙහෙන්
දිනක් දෙකක් නොව නියරක් 
මැද තනියෙන්
රැයක් දවාලක් නොමැතිව
සිටියෙ බලෙන්
කිසි විටක රිසි නොවන
ගැමිකොලු හැරුම් බැලුම්
හිතක් කඩන්නට පෙර හිමි
සඳු එති නම්

නුඹේ සෙනේ..

නුඹේ සෙනේ..
සිතුවා ලැබෙයි කියා
නුඹගේ සෙනෙහේ
පැතුවා පැතුමන්
හදවතින්ම මා
දුටුවා හීන ගොන්නක්
නුඹ ගැනම විතරක්
සියල්ල අහිමිව
බොඳව ගියා
ඉන්නම් සැමදා
තනියෙන් සදා
නොදුන් නුඹේ
සෙනේ මේ නමින්
විඳ ගතිමි මේ සියලු දුක්
නුඹ නිසාවට මං
තනිව හඬමින්
අහිමි වුණා

ඉඳුනිල්

ඉඳුනිල්

ඉන්දුනිල් දෑසින්
සුපිපි වත කමලින්
නුඹේ මන ලොල් වදනින්
බැඳුණම නුඹට රහසින්
නුමේ පෙම නිකලැල්
විය මගේ පෙම කුළුදුල්
නොවී දුක් ලතැවුල්
දැන් බොහො කල්
පැවසුවත් දිවුරා
මා හැර නොයන බව කිසිදා
මගෙන් වරදක් වුනිද මන්දා
කිම ගියේ නුඹ මා හැරදා
මගෙන් පසු නුඹ තවත්
ලැබුවේ එකදු හෝ සැළමුතු
පෙමක,
උනුන් අත ගොස් පිදු පතිවත
නුඹට කිවහැකිද මා නොවේ
අබිසරු ලියක්
නුම නමින් තවමත් මා පෙනේ
තවමත් ඇතේ කඳුලක
කැටයමක්
වුණත් සොඳුරියේ පියා අහිමි වු
කිරි කැටියෙකුගේ මවක්
ඉඳින් හැකිනම් එන්න මා වෙත
මගේ හදේ ඇත නුඹ නමින් වෙන් වු ඉඩක් 


වෙන් නොවෙමු අපි

වෙන් නොවෙමු අපි

ආදරයෙන් ඔබ හිනැහුණා මට
ජීවිතෙන් ලද ප්‍රාණයක්ලෙස
යම් දිනක ඒ සිනහ ඉටු කර
එක් වුවහොත් වෙන් නොවෙමු අපි

විඩා හැර හද මඬල සිපගෙන
මුදාහැර බොරු සිඳ දමලා
සිතින් සිත වෙත ගමන් කරනා
පෙම්වතුන් වී වෙන් නොවෙමු අපි

උදා හිරු රැස් උණුසුමට වී
සඳේ සිසිලස පහව ගොස් ඇති සෙවනක
කවි ගී මුමුනන්නේ නම්
ළං වෙන්න නම් වෙන් නොවෙමු අපි
සිහිනයක් වු සිහිනේ සඵලයි
දිවිරකින සතුටුන් පිබිදිලා
මල් වසන්න්තේ සතුට විඳලා
හමුවුනෝතින් වෙන් නොවෙමු අපි...

අවසර දෙනු මැන


අවසර දෙනු මැන
ඔබ අහසනම්
සඳ වීමට වරම් නැතත්
තරුවක් හෝ වෙන්නට 
දෙනුමැන අවසර,
ඔබ රළනම් 
වෙරළ වන්නට වරම් නැතත්
එහි වැලිකැටයක් හෝ වෙන්නට
දෙනු මැන අවසර,
ඔබ සයුර නම්
ගඟුල වීමට වරම් නැතත්
දිය සීරාවක් හෝ වෙන්නට
දෙනු මැන අවසර
ගතින් මා ඔබේ නොවුනත්
සිතින් ඔබලඟ රැදෙන්නට
දෙනු මැන අවසර

සීතලේ

සීතලේ
රෑ සීතලේ තනි රකිනා
කණාමැදිරියනි අහන්න
පණ මගේ ගිලිහී වැටුණා
උලමෝ ඒ හඬ නගන්න
පුංචි හිතට කඳුලු ගෙනා
ඒ සඳවත රුව දකින්න
දවස් හුඟක් නිදි මරන්න
වෙනවා ඉතින් ඉසිඹුලන්න
පෙර දවසක පෑ සෙනෙහස
ගැන කාටත් නොකිය ඉන්න
නොත් කොන ඒ කඳුලු බින්දු
කොහොමින් හෝ රඳව ගන්න
දැනගත්තොත් ඔයාට වෙයි
මා එක්කම එහාට යන්න
තිනිව යන්න මට මේ මඟ
හැබැයි එපා ඔයා එන්න..
අපි හමු වු මුල් දිනයේදී
සිනා නගපු හැටි අහන්න
පොඩ්ඩක් ඈගෙන් වෙන්වී
අතීතයට ඔයා යන්න
ඔය දෑසට කඳුලු ඒවි
ඒ කඳුලුත් මටම දෙන්න
එතෙර ඉමක මා තනිව්ව්මි
ඔයත් දිනක ඇවිත් යන්

අතීතයේ

අතීතයේ
අතීතයේ බොහෝ සිදුවීම්
නැගී සැනෙකින් මතකයට
දුවයි සිත බොහෝ දුර
හදවතට දුක තුරුලු කර
බොහෝ දේ
අහිමි වුවද?
හිමිවු එකම එක 
දෙයකම.
සතුට ළංකර ගන්න
සනාතන ලොව දහම
බුදු සමිදු දෙසු ලෙස
පිහිට විය නිබඳවම
දස දහස් වර
එකම එක මතකයක
සිත පැටලී
අතරමඟ මේ සිත
අතරමං වෙලා
අහිමි සෙනෙහස වෙතට
නැවත ම්ං ළං කරන්නේ
දෛවය ඔබට
වැරදීමක් වෙලාදෝ..